Saturday, July 25, 2026
Homeදේශීයප්‍රදේශ රැසකට වැසි

ප්‍රදේශ රැසකට වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකියි.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

READ:   මුලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් විභාගයට නොගෙන නිෂ්ප්‍රහ කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්