රජයේ නව බදු ප්‍රතිපත්තිය ඇතුළු තවත් කාරණාවන් කිහිපයකට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (13) සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
වැඩවර්ජනයේ පළමු අදියර බස්නාහිර,දකුණ,මධ්‍යම සහ නැගෙනහිර යන පළාත්වල අද උදෑසන 8.00 සිට ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
හෙට (14) දිනයේ අනෙකුත් පළාත් රෝහල්වල වැඩවර්ජනය ක්‍රියාත්මක කරන අතර අනිද්දා (15) අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට ප්‍රවිෂ්ට වීමට නියමිත බව එම සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළා.


