Thursday, May 14, 2026
Homeදේශීයනිධානයක් හාරමින් සිටි පිරිසක් පොලිසියට කොටු වෙයි (PHOTO)

නිධානයක් හාරමින් සිටි පිරිසක් පොලිසියට කොටු වෙයි (PHOTO)

ගලෙන්බිදුණුවැව පොලිස් වසමේ කුරුණෑගල කොළණිය ප්‍රදේශයේ නිවසක් පිටුපස නිදහන් ගැනීමට කැනීමක් සිදුකරන බවට ලැබුණු බුද්ධි තොරතුරක් මත අද (03)සවස 3.00 පමන ගලෙන්බිදුණුවැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් පිරිසක් එම ස්ථානය වටලා ඇති අතර එම අවස්ථාවේ එම ස්ථානයේ යම් කැනීමක් සිදුකරමින් සිටියදී පුද්ගලයින් 07 දෙනෙකු හා කැනීමට යොදාගත් උපකරණ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස නිදහන් ගැනීමට තැත්කලායැයි සැකපිට අත්අඩංගුවට ගත් පිරිස එම ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් වන බවත්
අත්අඩංගුවට ගත් උපකරණ හා සැකකරුවන් හෙට(04) කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් I.P.I විමල් වීරසිංහ මහතා වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇති බව ගලෙන්බිදුණුවැව පොලිස් ප්‍රකාශ කරසිටි.

සිද්ධියට අදාළ වැඩිදුර පරීක්ෂණ ගලෙන්බිදුනුවැව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක D.M.S.J දිසානායක මහතාගේ උපදෙස්පරිදි ගලෙන්බිදුණුවැව පොලිස් දුෂණ මර්දන අංශය මගින් මෙහෙයවනු ලබයි.

READ:   අතුරුදන් වූ පොලිස් නිළධාරියාගේ සිරුර හමුවෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්