Sunday, September 13, 2026
Homeදේශීයඡන්දය පැවැත්වෙන දිනය ප්‍රකාශ කිරීම කල් දමනවා - මැතිවරණ කොමිසම

ඡන්දය පැවැත්වෙන දිනය ප්‍රකාශ කිරීම කල් දමනවා – මැතිවරණ කොමිසම

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කිරීම ලබන සතියේ මුල් දින කිහිපය දක්වා කල් දැමූ බව මැතිවරණ කොමිසම පවසනවා.

මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳව තීරණය කිරීමට අද (03) මැතිවරණ කොමිසම රැස්වූවද ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍යවරයා සහ එහි ලේකම්වරයාට නිකුත් කර ඇති නියෝගයක් නිසා මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කිරීම ඉදිරි සතිය දක්වා කල් දැමීමට සිදුවූ බව කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කළා.

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳ තීරණය විශේෂ සාකච්ඡාවකින් අනතුරුව අද (03) ප්‍රකාශ කරන බව මැතිවරණ කොමිසම මීට පෙර සඳහන් කර තිබුණා.

READ:   ඩලස් හා අනුර විශේෂ සාකච්ඡාවක
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්