Thursday, August 13, 2026
Homeදේශීයවැඩට ආව විදුලි සේවකයන්ට විදුලි ඇමති ස්තූතිය පුද කරයි

වැඩට ආව විදුලි සේවකයන්ට විදුලි ඇමති ස්තූතිය පුද කරයි

වෘත්තීය සමිතිවල බලපෑම තිබියදී වුවත් ගෙවුණු මාර්තු 01 වෙනිදා විදුලිබල මණ්ඩලයේ සේවයට පැමිණි නිළධාරීන්ට තම ස්තූතිය පළ කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.

මාර්තු 01 වෙනිදා දිනය තුළ විදුලිබල මණ්ඩලයේ සේවකයින් 60%ක් පමණ සේවයට වාර්තා කර ඇති බවත් එදින විදුලිබල මණ්ඩලයේ ඇතැම් සේවාවන් පවත්වා ගෙන යෑමට යම් බාධාවක් ඇති වූවත් සැලකිය යුතු සේවකයින් පිරිසක් සේවයට වාර්තා කර ඇති බවත් බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.

සමාජ මාධ්‍යයේ සිය මුහුණු පොත (facebook) ගිණුම තුළ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

විදුලි සේවකයන් සහ වෘත්තීය සමිති රැසක එකතුවෙන් ආණ්ඩුවේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය ඇතුළු තවත් කාරණා කිහිපයකට විරෝධය පළ කරමින් මාර්තු පළමු වෙනිදා දීපව්‍යාප්ත වැඩවර්ජනයක් සංවිධානය කර තිබුණා.

READ:   මිලියන 67ක අයිස් මත්ද්‍රව්‍ය මුහුදේ පාවෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්