Friday, September 11, 2026
Homeදේශීයගොවීන්ට නොමිලේ ඉන්ධන බෙදා දීම කඩිනම් කෙරේ

ගොවීන්ට නොමිලේ ඉන්ධන බෙදා දීම කඩිනම් කෙරේ

මෙරට ගොවී ජනතාව වෙනුවෙන් චීන රජය විසින් නොමිලේ ලබා දී තිබෙන ඩීසල් ලීටර් මිලියන 6.98ක ප්‍රමාණය කඩිනමින් ගොවි ජනතාවට බෙදා හැරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

නොමිලේ ඉන්ධන බෙදා දීමේ වැඩපිළිවෙළ යටතේ මෙවර මාස් කන්නයේ අක්කර භාගයේ සිට අක්කර දෙකහමාර දක්වා වී වගා කළ ගොවීන්ට නොමිලයේ ඉන්ධන ලබාදීමට කටයුතු කර ඇත.

ඒ අනුව හෙක්ටෙයාර් 01ක් සඳහා ඩීසල් ලීටර් 15ක් බැගින් ලබා දීමට නියමිතයි.

අදාළ ඉන්ධන තොගය බෙදාහැරීමේ කටයුතු ලබන සතියේ සිට ඇරඹීමටත්, ඊට අදාළ ටෝකන් පත් සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් ගොවි ජනතාවට නිකුත් කිරීම කඩිනම් කිරීමටත් තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

READ:   ඖෂධ ගැන අලුත් අනාවරණයක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්