Sunday, April 26, 2026
Homeදේශීයවැටුප් ගෙවන්න විදියක් නැහැ ගුවන් විදුලියේ සේවකයින් ටිකක් විශ්‍රාම යවනවා - බන්දුල...

වැටුප් ගෙවන්න විදියක් නැහැ ගුවන් විදුලියේ සේවකයින් ටිකක් විශ්‍රාම යවනවා – බන්දුල (VIDEO)

රාජ්‍ය මාධ්‍ය ආයතන වල සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

රජයේ මාධ්‍ය ආයතන වල අධික සේවක පිරිසික් සේවය කිරීම ඊට හේතුව බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ඒ අනුව ගුවන් විදුලි සංස්ථාවේ අතිරික්ත සේවක පිරිසට ස්වයං විශ්‍රාම යැවීමක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව එ මහතා ප්‍රකාශ කළා.

රජයේ මාධ්‍ය ආයතන වලින් ලැබෙන ආදායම සේවක වැටුප් ගෙවීම සඳහා ප්‍රමාණවත් නොවන බැවින් එම ආයතන පවත්වා ගෙන යෑමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවයි අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ.

ඊයේ (26) ටී.එන්.එල්. රූපවාහිනියේ පැවති ජන හඩ වැඩසටහනට එක් වෙමින් බන්දුල ගුණවර්දන මහතා මේ බව පැවසුවා.

READ:   සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට, ජලය නිකුත් කිරීම ඇරඹේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්