Sunday, April 19, 2026
Homeදේශීයමේක මුහුණු ආවරණයක් වත් දෙන්න බැරි ආණ්ඩුවක් ලැජ්ජයි - ශාන්තිනී කෝන්ගහගේ

මේක මුහුණු ආවරණයක් වත් දෙන්න බැරි ආණ්ඩුවක් ලැජ්ජයි – ශාන්තිනී කෝන්ගහගේ

කොවිඩ් පවුල්වල සුබසාධනයට අය-වැයෙන් කීයක් වෙන් කළා ද? – ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය

කොවිඩ් 19 වසංගතයට ගොදුරුව සිටින දරු පවුල්වලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමට 2021 අය-වැය තුළින් රජය කොතරම් මුදලක් වෙන් කර ඇද්දැයි රජයේ බලධාරීන්ගෙන් විමසා සිටින බව මහනුවර දිස්ත්‍රික් එජාප නායිකා , ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය පැවැසුවාය.

පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී ඊයේ(14) පැවැති මාධ්‍ය හමුවේදී ඇය මේ බව පැවැසු අතර, වත්මන් රජය 2021 අය-වැය ලේඛනය තුලින් මාර්ග 100 කාපට් ඇතිරීමට නම් මුදල් වෙන් කර තිබෙන බව ද කීවාය.

2021 අය-වැයෙන් කිසිම මුදලක් කොවිඩ් හේතුවෙන් අසරණභාවට පත් ජනතාව වෙනුවෙන් වෙන් කර නැතැයි කී ඒ මහත්මිය රටේ සංවර්ධනයට මුල් තැන දී කොරෝනාව අමතක කිරීමට වත්මන් රජය පියවර ගෙන ඇතැයි ද කීවාය.

READ:   "රිදීගම සෆාරියේ සත්තු මරාගෙන කනවා.. " (VIDEO)
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්