Wednesday, April 22, 2026
Homeක්‍රීඩාවිස්සයි විස්ස කාන්තා ලෝක කුසලානය 6 වන වරටත් ඕස්ට්‍රේලියාව දිනා ගනි

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානය 6 වන වරටත් ඕස්ට්‍රේලියාව දිනා ගනි

2023 විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානය 6 වන වරටත් දිනා ගැනීමට ඕස්ට්‍රේලියාව ඊයේ (26)
සමත් වුණා. එ කේප් ටවුන්හි පැවැති අවසන් මහා තරඟයේදී සත්කාරක දකුණු අප්‍රිකාව ලකුණු 19 කින් පරාජයට පත් කරමින්.

අවසන් මහා තරඟයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 156 ක් රැස් කළා.

157 ක ඉලක්කයක් හබා යෑම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ රැස් කර ගත හැකි වූයේ ලකුණු 137 ක් පමණයි.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ බෙත් මූනි නොදැවි ලකුණු 74 ක් පන්දු 53 කින් රැස් කර ගත්තා. ඇෂ්ලි ගාඩ්නර් ලකුණු 29 ක් රැස් කළා.

ඒ අනුව 6 වන වරටත් විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානය දිනා ගත් ඕස්ට්‍රේලියාව, පිට පිට තුන් වන වරටත් ශූරතාව තමන් සතු කර ගත්තා.

අවසන් මහා තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ඕස්ට්‍රේලියානු කාණ්ඩායමේ බෙත් මූනි සම්මාන දිනා ගත්තා.

READ:   කිරිපිටි මිල පහලට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්