අද මැතිවරණ පවත්වනවාද? නැද්ද? සියල්ල තීරණය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ නීතියට අනුව නොව තනි පුද්ගලයකුගේ අභිමතයට අනුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් මහතා පවසනවා.
වර්තමානයේ මැතිවරණ පවත්වනවාද නැද්ද මේ සියල්ල තීරණය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ නීතියට අනුව නොව එක පුද්ගලයෙකුගේ අභිමතය පරිදි මුදල් අමාත්‍යවරයා විසින් ඒ සියල්ල තීරණය කරන බව ඒතුමා ප්‍රකාශ කරනවා.
වත්මන් පාර්ලිමේන්තුව විසුරුවීමේ නිත්‍යානුකූල බලය ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපතිවරයා සතු වන බව ඒ මහතා පැවසුවා.
පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිවරයාට හිමිවෙන බලය ජනාධිපතිවරයා පාවිච්චි කළ යුතු බව තරයේ විශ්වාස කරන බව ජී.එල්. පීරිස් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.


