Tuesday, July 21, 2026
Homeදේශීයසොත්ති උපාලිගේ පුතා කුඩුත් සමග පොලිසියට කොටුවෙයි

සොත්ති උපාලිගේ පුතා කුඩුත් සමග පොලිසියට කොටුවෙයි

ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස සැලකෙන පාතාල කල්ලි නායකයෙකු වන මියගිය සොත්ති උපාලිගේ පුතා හෙරොයින් මත්කුඩු සහ තියුණු ආයුධ කිහිපයක් සමග පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

කඩුවක්, කිනිසි තුනක් සහ හෙරොයින් ග්‍රෑම් නවයක් සමග වයස අවුරුදු 28 ක් වන සැකකරු බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

සැකකරු නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ නිවසක් තුළ හෙරෝයින් ජාවාරමක් පවත්වා ගෙන ගොස් ඇති බව පොලිසිය පවසනවා. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

READ:   BREAKING: ගම්පොල භූ කම්පනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්