Saturday, May 2, 2026
Homeදේශීයමෛත්‍රීපාලට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන්න - කතෝලික විභාවනයෙන් පොලීසියට පැමිණිල්ලක්

මෛත්‍රීපාලට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන්න – කතෝලික විභාවනයෙන් පොලීසියට පැමිණිල්ලක්

පාස්කු ඉරිදා එල්ල කළ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ඇමැති සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ප්‍රමාදයකින් තොරව නීතිය ක්‍රියාත්මක කරන ලෙස කතෝලික විභාවනය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා හිටපු ආරක්ෂක ලේකම්වරයාට, හිටපු පොලිස්පතිවරයාට මෙන්ම හිටපු ආරක්ෂක ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාට ද එරෙහිව නීතිය නිසියාකාරව ක්‍රියාත්මක කරන ලෙස කතෝලික විභාවනය සභාපති චිරන්ත ආර් ඇන්තනී අමරසිංහ මහතා වෙරළබඩ පොලිස් ස්ථානාධිපතිවරයා වෙත පැමිණිල්ලක් කර ඇත.

හිටපු පොලිස්පතිවරයා විසින් යම් වරදක් සිදුකළේ නම් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හරහා පොලිස්පතිවරයා ඉවත් කිරීමට හෝ ව්‍යවස්ථාදායක සභාව හරහා විනය පියවර ගැනීමට තිබූ නමුත් එසේ නොකර ජාතික ආරක්ෂක කවුන්සලය දෙකඩ කරවාගෙන, එය විකෘති කරවාගෙන කටයුතු කිරීමෙන් හිටපු ආරක්ෂක ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා හිතාමතා මෙරට ජනතාව අනතුරේ දමා තිබෙන බවද කතෝලික විභාවනය සභාපතිවරයා පෙන්වාදෙයි.

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ හා ඊට අදාළ පාර්ශ්වයන් සම්බන්ධීකරණය කිරීමේ මූලික ස්ථානය වන ජාතික ආරක්ෂක කවුන්සලය විකෘති කර මෙරට ජනතාවගේ ජීවිත නොසැලකිලිමත් ලෙස අනතුරට හෙළීමට මෛත්‍රීපාල සිරිසේන මහතා සෘජුවම සම්බන්ධ බවට ද හෙතෙම චෝදනා කරයි.

READ:   රටවල් 7කට නොමිලේ වීසා
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්