Tuesday, April 21, 2026
Homeදේශීයප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකියි.

කොළඹ, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

READ:   ලබන වසරේ සිට පාසල් වාර විභාග වසරට ම එකයි: වාරයකට එක වැඩ පොතක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්