Thursday, July 30, 2026
Homeදේශීයදිවයින පුරා සුළං සමඟ තද වැසි, ඇතැම් ප්‍රදේශ වලට මි.මි. 150ක වැසි

දිවයින පුරා සුළං සමඟ තද වැසි, ඇතැම් ප්‍රදේශ වලට මි.මි. 150ක වැසි

ගිනිකොන දිග සහ ඊට යාබද නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින පීඩන අවපාතය ජනවාරි 31 සවස දක්වා පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් මාතලේ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත්, ඇතැම් ස්ථානවලට මි.මි. 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකියි.

වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත්, ඇතැම් ස්ථානවලට මි.මි. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

නැගෙනහිර, ඌව, බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මුලතිවු, යාපනය සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60) පමණ තද සුළං බලාපොරොත්තු වේ

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

READ:   මාධ්‍ය සංවිධානයක් විශේෂ සාකච්ඡාවක් කැඳවයි!මාධ්‍යකරණයට කැමති කාටත් අනගි අවස්ථාවක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්