Monday, June 15, 2026
Homeදේශීයපා.ම කබීර් හෂීම්ට ඇමරිකාවේ එක්සත් ජාතීන්ගේ අරමුදලෙන් විශේෂ ආරාධනයක්

පා.ම කබීර් හෂීම්ට ඇමරිකාවේ එක්සත් ජාතීන්ගේ අරමුදලෙන් විශේෂ ආරාධනයක්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා හට අමෙරිකාවේ නිව්යෝක්හි පිහිටා ඇති එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙහි (UNFPA) ඇගයීම් කාර්යය පිළිබඳ සම සමාලෝචනයක් සිදු කිරීම සඳහා විශේෂ ආරාධනාවක් ලැබී තිබේ.

ඇගයීම්කරුවන් හය දෙනෙකුගෙන් යුත් ඉහළ මට්ටමේ ගෝලීය කණ්ඩායමක එක් සාමාජිකයකු ලෙස මෙම ආරාධනය ලැබී ඇති අතර එහි ඇති විශේෂත්වය වන්නේ දකුණු ආසියාවෙන් ආරාධනා ලැබූ එකම නියෝජිතයා කබීර් හෂීම් මහතා වීමය.

රටේ දැවැන්ත ආර්ථික අර්බූදයක් මතුව පවතින මෙවැනි අවස්ථාවක විපක්ෂය නියෝජනය කරන සජබ මන්ත්‍රීවරයකු හට මෙවැනි ආරාධනාවක් ලැබීම විශේෂ සිදුවීමක් බව ආර්ථික ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ මතය වී ඇත.

ආර්ථික විශේෂඥයකු ලෙස ලෝක බැංකුව තුල හා ඇමරිකාව, ඇෆ්ගනිස්ථානය, පිලිපීනය, වියට්නාමය, ලාවෝසය, පකිස්තානය ආදී රටවල සේවය කර තිබෙන කබීර් හෂීම් මැතිතුමා ආර්ථික විද්‍යාව පිළිබඳ විද්‍යාඥ⁣යකු මෙන්ම ගෝලීය පාර්මේන්තු මන්ත්‍රීවරුන්ගේ ඇගයීම් සංසදයේ සභාපතිවරයාද වේ.

https://www.lifetraveler.lk/wp-content/uploads/2023/01/PEER-REVIEW-overview_and-panel-bios.pdf

READ:   වනාන්තර කඳුකර තේ දේශීය වෙළඳපොලට පැමිණේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්