Sunday, April 26, 2026
Homeදේශීයපාස්පෝට් එක ඉක්මනින් ගන්න අලුත් ක්‍රමයක්

පාස්පෝට් එක ඉක්මනින් ගන්න අලුත් ක්‍රමයක්

විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා නව ක්‍රමයක් හඳුන්වා දෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල පනහක් ඇතුළු ආයතන 55ක දී මාර්ග ගත ක්‍රමයට විදෙස් ගමන් බලපත්‍රය ලබා දීමට නියමිත බව වාර්තා වෙනවා.

මාර්ග ගත ක්‍රමයට අයදුම්පතක් යොමුකර ආදාළ ප්‍රදේශිය ලේකම් කාර්යාලය වෙත ගොස් ඇගිලි සලකුණ ලබා දී දින 03 ක් ඇතුළත විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීමට හැකියාව ඇති බව දෙපාර්තමේන්තුව පවසනවා.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයෙක් නම් තානාපති කාර්යාලය වෙත ගොස් ඇඟිලි සළකුණු ලබාදී මාර්ග ගත ක්‍රමයට විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීමට පහසුකම් සලසන බව සඳහන් වෙනවා.

READ:   දූතයන් පිරිසක් හොර රහසේ ඇවිත් ගිහින්, රෝ ඔත්තු සේවයේ ප්‍රධානියත් ඒ අතර
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්