Saturday, June 13, 2026
Homeදේශීයකොමිසම එපා කියුවත් ලයිට් කපනවා - ලංකා විදුලිබල මණ්ඩලය

කොමිසම එපා කියුවත් ලයිට් කපනවා – ලංකා විදුලිබල මණ්ඩලය

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලි කප්පාදුව අත්හිටුවීමට ලංකා විදුලිබල මණ්ඩලය එකඟ නොවූ බව විදුලිබල මණ්ඩලයේ සභපති නලින්ද ඉලංගකෝන් පවසා ඇති බව වාර්තා වෙනවා.

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ දී විදුලි කප්පාදුව අත්හිටුවනවා නම් ඉන්ධන මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 410 ක් අවශ්‍යය වන බැවින් විදුලි කප්පාදුව අත්හිටුවීමට එකඟ නොවූ බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

විභාගය පැවැත්වෙන දහාවල් කාලයේ විදුලි කප්පාදුවක් නොකරන අතර රාත්‍රී කාලයේ දී විදුලි කප්පාදුව තවදුරටත් ක්‍රියාත්මක බව ඔහු ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙනවා.

උසස් පෙළ විභාගය අවසන් වන තෙක් විදුලි කප්පාදුව අත්හිටුවීමට කොන්දේසි කිහිපයකට යටත්ව ලංකා විදුලිබල මණ්ඩලය එකඟ වූ බව මානව හිමිකම් කොමිෂන් සභාව ඊයේ (25) ප්‍රකාශ කර තිබුණා.

ඇතිකරගත් එකඟතාවයට අනුව කටයුතු නොකළහොත් අධිකරණය හමුවට යන බව මානව හිමිකම් කොමිෂන් සභාව ප්‍රකාශ කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

READ:   යුක්රේන සංචාරකයන්ගේ වීසා කාලය දීර්ඝ කිරීමට රජයේ අවධානය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්