Saturday, September 12, 2026
Homeදේශීයනැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින්න

නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින්න

නැවත දැනුම් දෙන තුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මේ පිළිබඳ රතු නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.

දැනට මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස හැකි ඉක්මනින් ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

 ගිනිකොණ දිග බොංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩුපීඩන තත්ත්වය අද උදෑසන 11.30 වන විට ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වී ත්‍රිකුණාමලයට ගිනිකොණ දෙසින් කි.මී 460ක් දුරින් ස්ථානගතව පවතී. මෙම පද්ධතිය ඉදිරි පැය 24 තුළ දී සුළි කුණාටුවක් දක්වා වර්ධනය වේ. මෙම පද්ධතිය බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන් කර මඩකලපුව සහ පේදුරු තුඩුව අතරින් ලංකාවේ නැගෙනහිර වෙරළට හෙට (02) සවස හෝ රාත්‍රියේ ඇතුළු විය හැකිය.

READ:   UPDATE: බන්ධනාගාරයට ගිය කෙහෙළිය රෝහලට
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්