Saturday, September 12, 2026
Homeදේශීයපන්විල දී තවත් බස් රථයක් පෙරළි යයි

පන්විල දී තවත් බස් රථයක් පෙරළි යයි

පන්විල ඇඟලුම් කම්හලක සේවකයින් පිරිසක් රැගත් බස් රථයක් උනනගල සිට මඩොල්කැලේ හරහා පන්විල දක්වා ධාවනය කරමින් වෙමින් තිබියදී ඊයේ (20) අනතුරකට ලක්ව තිබෙනවා.

බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වී රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකිව බස් රථය මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් පෙරළි ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා මඩොල්කැලේ රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් කාන්තාවන් 07 දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු මහනුවර මහ රෝහල වෙත වැඩි දුර ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බව වාර්තා වෙනවා.

READ:   විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කෙරේ..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්