Saturday, April 25, 2026
Homeදේශීයවඳ සැත්කම් වලට මමත් අහුවුණා - තිස්ස ජනනායක (VIDEO)

වඳ සැත්කම් වලට මමත් අහුවුණා – තිස්ස ජනනායක (VIDEO)

මව්වරුන්ගේ පැලෝපියා නාලයන් අවහිර කරමින් කුරුණෑගල රෝහලේ දී වෛද්‍ය සාෆී සහබ්දීන් විසින් වඳ සැත්කම් සිදු කරා යැයි කීම බොරුවක් බව උපකාරක පන්ති දේශක තිස්ස ජනනායක මහතා පවසනවා.

වඳ සැත්කම් සිද්ධිය යනු ඡන්දය වෙනුවෙන් සූක්ෂමව නිර්මාණය කළ Political Drama එකක් බව ඔහු පෙන්වා දෙනවා.

මතු පිටට වඩා හාත්පසින්ම වෙනස් මෙරට දේශපාලනයේ සූක්ෂම සැලසුම් අතර තමාද හසුවූ අවස්ථාවක් ලෙස කුරුණෑගල වඳ සැත්කම් සිද්ධිය පෙන්වා දිය හැකි බව එතුමා ප්‍රකාශ කළා.

එක එක කාලයට රට තුළ ජනප්‍රිය වන බොහෝ දේවල් දේශපාලනය නොපෙන්වන එහෙත් Political Drama බව එතුමා පවසනවා.

මෙරට ජනප්‍රිය උපකාරක පන්ති දේශකවරයෙකු වන තිස්ස ජනනායක මහතා විඩියෝවක් මඟින් මෙම අදහස් සමාජ මාධ්‍ය තුළ පළ කර තිබුණා.

එම විඩියෝව පහතින්,

READ:   දිවුලපිටියේ පාසල් සිසුන්ගේ PCR පරීක්ෂණ නෙගටිව්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්