නව බදු සංශෝධනයට විරුද්ධව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණය වන බව වෛද්‍ය, බැංකු, ඉංජිනේරු ඇතුළු වෘත්තීයවේදීන් පවසනවා.
කඩා වට්ටන ලද ආර්ථිකය සීඝ්‍රයෙන් වර්ධනය කිරීමට වර්තමාන ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ගත් උපක්‍රමවලින් කිසිඳු විසඳුමක් නොලැබෙන බව ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්දන දිසානායක මහතා වෘත්තීයවේදීන්ගේ මාධ්‍ය හමුව අමතමින් ප්‍රකාශ කර සිටියා.
වෘත්තිකයන්ගෙන් උපයන විට බදු අයකිරීම බරපතළ අර්බුදයක් බවට පත්ව ඇති බව ඒ මහතා පෙන්වා දෙනවා.
උපයන විට අයකරන බද්ද ජනවාරි මාසයේ සිට තවදුරටත් වැඩි කළොත් අඛණ්ඩ වැඩවර්ජනයක් සඳහා සූදානම් බව ලංකා බැංකු සේවක සංගමයේ සභාපතිවරයා පැවසුවා.
නැවත රට අස්ථාවර කරමින් මතුවෙන වර්ජන රැල්ල ආණ්ඩුවට ත්‍රිවිධ හමුදාව යොදා පාලනය කළ නොහැකි බව එතුමා අවධාරණය කර සිටියා.
මෙම වෘත්තීයවේදීන්ගේ මාධ්‍ය හමුවට වෛද්‍යවරු, විදුලි බල මණ්ඩල ඉංජිනේරුවරු, විශ්වවිද්‍යාල ආචාර්යවරු ඇතුළු විශාල පිරිසක් සහභගිවී සිටියා.


