Thursday, July 23, 2026
Homeදේශීයසේපාල අමරසිංහ රිමාන්ඩ් භාරයට

සේපාල අමරසිංහ රිමාන්ඩ් භාරයට

ශ්‍රී දළදා වහන්සේට අපහාස කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහ ලබන (10) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කළ බව වාර්තා වනවා.

ශ්‍රී දළදා වහන්සේට අපහාස කිරීම සහ බෞද්ධ ආගමට නිගාවන අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (05) සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහ සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය නිවේදනය කර තිබුණා.

READ:   බිත්තර රටින් ගේන්න තීරණය කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්