Friday, April 17, 2026
Homeදේශීයසේපාල අමරසිංහ ගැන පොලිසියෙන් නිවේදනයක්

සේපාල අමරසිංහ ගැන පොලිසියෙන් නිවේදනයක්

දළදා වහන්සේට අපහාස කිරීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහ අත්අඩංගුවට ගැනීම ගැන පොලිසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී දළදා වහන්සේට අපහාස කිරීමක් සම්බන්ධයෙන් පොලිස්පතිට ලැබුණු පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශනයකදී ඊයේ (05) රාත්‍රියේ පුද්ගලයෙකු බෙල්ලන්විල ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය නිවේදනය කරනවා.

අදාළ අත්අඩංගුවට පත් පුද්ගලයා බෙල්ලන්විල, මයුර මාවත ප්‍රදේශයේ පදිංචි සේපාල් ස්වර්ණකුමාර අමරසිංහ යන අය බවත් දළදා වහන්සේට අපහසකිරීම සහ බෞද්ධ ආගමට නිගාවන අයුරින් කටයතු කිරීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන පවත්වන බවත් නිවේදනයේ සඳහන්.

අදාළ නිවේදනය පහතින්,

READ:   යූරියා පොහොර බෙදා දීම අද සිට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්