මිහින්තලේ මරදන්කුලම, පුවරසන්කුලම(ශ්‍රමදාන මාවත) අනුලාතිස ස්තූපයේ සිදු කළ කැණීම් වලදී ඓතිහාසික වටිනාකමින් යුත් පුරාවස්තූන් රැසක් හමුවී තිබෙනවා.
බොහෝ කාලයක් කිසිවකුගේ අවධානයට ලක් නොවුණු මිහින්තලේ අනුලාතිස ස්තූපය ඇතුළු එම පූජා භූමියේ කැණීම් කටයුතු සිදු කර සංරක්ෂණය කිරීම සඳහා විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ අවධානය යොමුව ඇති බව රජයේ මාධ්‍ය අංශය වාර්තා කරනවා.
මෙම ඓතිහාසික පූජා භූමියේ සිදු කරන ලද කැණීම් වලදි පසුගිය 25 වන දා පුරාවස්තූන් රැසක් හමුවී තිබෙනවා.
මීට ඉහත දී පළිඟු කරඩුවක කොටස් ද, ශිලා මංජුසාවක් ද, විවිධ ප්‍රමාණයේ, වර්ගයේ විවිධ වර්ණයෙන් යුත් විවිධ හැඩයෙන් යුත් පබළු වර්ගද හමුව ඇති අතර මේ වන විට ස්තූපයේ අවසන් අදියරේ කැණීම් කටයුතු සිදු කෙරෙමින් පවතිනවා.
මිහින්තලය අනුලාතිස ස්තූපයේ ගර්භයේ අනවසර කැණීම් කරුවන් විසින් හාරා විනාශ කර දමා තිබූ අතුරු ගර්භ කුටීර තුළ තිබී පසුගිය 23 වන දින මැටි මංජුසාවක් හමුව ඇති අතර එම මැටි මංජුසාව තුළ තිබී ලෝහමය ආභරණ පබලු වර්ග සහ අස්ථි කොටස් (සමහර විට රහතන් වහන්සේලාගේ භෂ්මාවශේෂ) යන පුරාවස්තූන් රැසක් හමුවූ බව රජයේ මධ්‍ය අංශය වාර්තා කරනවා.







