Wednesday, April 22, 2026
Homeදේශීයප්‍රදේශ රැසකට තද වැසි

ප්‍රදේශ රැසකට තද වැසි

පීඩන අවපාතය අඩු-පීඩන කලාපයක් දක්වා දුර්වල වී ඇති අතර එය අද දින (26) උදෑසන වන විට ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ දෙසට ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම පද්ධතිය දිවයිනෙන් ඉවතට ගමන් කිරීමත් සමඟම අද සවස් කාලයේ සිට දිවයිනේ කාලගුණයට එමඟින් සිදුවූ බලපෑම අඩුවිය හැකියි.

මේ හේතුවෙන්,බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මි.මි. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. (40-50)ක පමණ තද සුළං ඇතිවීමේ අවදානමක් පවතිනවා.

READ:   සිමෙන්ති බවුසරයක් අධිවේගයේදී කරණම් ගසයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්