Saturday, April 25, 2026
Homeදේශීයඇල්ල සංවර්ධනයට ජනපතිගෙන් කඩිනම් උපදෙස්

ඇල්ල සංවර්ධනයට ජනපතිගෙන් කඩිනම් උපදෙස්

ඇල්ල සංචාරක කලාපය සුවිසල් සැලැස්මක් යටතේ සංවර්ධනය කිරීම සඳහා කඩිනම් පියවර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඇල්ල ව්‍යාපාරිකයන්ගේ සංගමය සමග ජනාධිපතිවරයා අද (16) ඇල්ල ෆලවර් ගාර්ඩ්න් හෝටලයේ සාකච්ඡාවක් සඳහා එක් වූ අතර සංචාරක, නාගරික සංවර්ධන සහ පරිසර යන අමාත්‍යාංශයන් එක්ව මාස 4 ක් තුළ ඇල්ල සංචාරක කලාපය සංවර්ධන සඳහා අවශ්‍ය සැලසුම සකස් කරන ලෙස ජනාධිපතිවරයා එම නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

සංචාරක ආකර්ෂණයට බාධා නොවන ලෙස සෞන්දර්යාත්මක පරිසරය ආරක්ෂා කරගනිමින් විධිමත් සැලැස්මකට අනුව ඇල්ල සංචාරක කලාපය සංවර්ධනය කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ආකර්ෂණීය ගමනන්තයක් බවට ඇල්ල සංචාරක කලාපය පත් කරන බව සඳහන් කළා.

ඇල්ල ප්‍රදේශය වෙත පැමිණි දෙස් විදෙස් සංචාරකයින් සමඟ ජනාධිපතිවරයා සුහද කතා බහක ද නිරත වුණා.

READ:   අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයාට එරෙහිව උපරිම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි - මෛත්‍රීපාල
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්