Sunday, July 26, 2026
Homeදේශීයරොටරි සමාජයෙන් මිලියන 60ක ඖෂධ පරිත්‍යාගයක්

රොටරි සමාජයෙන් මිලියන 60ක ඖෂධ පරිත්‍යාගයක්

ජාත්‍යන්තර රොටරි සමාජය විසින් මෙරට සෞඛ්ය පද්ධතිය සඳහා අත්‍යවශ්‍යව පවතින රුපියල් මිලියන 60 වටිනා කමින් යුත් ඖෂධ තොගයක් ප්‍රදානය කර තිබෙනවා.

ගර්භණී මව්වරුන්ගේ අධිරුධිර පීඩනය සඳහා භාවිත කරන ඖෂධ, දරු ප්‍රසූතියේදී අවශ්‍ය කරන ඖෂධ සහ කුඩා දරුවන්ගේ චර්ම රෝග සඳහා භාවිත කරන ඖෂධ ආදී ඖෂධයන් රැසක් මෙම ඖෂධ තොගය තුළ ඇතුලත් බව සඳහන් වෙනවා.

මෙම ඖෂධ තොගය ජාත්‍යන්තර රොටරි සමාජයේ සභාපතිනී ජෙනිෆර් ජොන්ස් මහත්මිය විසින් ඊයේ (15) සෞඛ්ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත නිල වශයෙන් භාරදෙනු ලැබුවා.

ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය වන ඖෂධ හඳුනාගනිමින් ඉදිරියටත් මෙවැනි පරිත්‍යාගයන් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර රොටරි සමාජයේ නිලධාරීන් ප්‍රකාශ කර තිබුණා.

READ:   පොහොර මිල පහළට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්