Wednesday, June 3, 2026
Homeදේශීයමහජන සේවය ඉටු නොවීම ගැන රාජ්‍ය සේවකයින් කිසිවිටෙක හේතු ඉදිරිපත් නොකළ යුතුයි...

මහජන සේවය ඉටු නොවීම ගැන රාජ්‍ය සේවකයින් කිසිවිටෙක හේතු ඉදිරිපත් නොකළ යුතුයි – ජනාධිපති

මහජන සේවය ඉටුනොකිරීම ගැන රාජ්‍ය සේවකයින් කිසිවිටෙක හේතු ඉදිරිපත් නොකළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටිනවා.

රාජ්‍ය ආයතන අතර ගැටුම් ඇති කර නොගෙන මහජනතාවට උපරිමයෙන් සේවය සැලසීම රාජ්‍ය සේවකයාගේ වගකීම බව එතුමා ප්‍රකාශ කළා.

බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (15) පැවති කමිටු රැස්වීමක් අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් දැක්වූ අදහස් කිහිපයක් පහතින්,

” රාජ්‍ය නිලධාරීන් කාර්යක්ෂමව ක්‍රියා කළයුතුයි. මට හේතු අවශ්‍ය නැහැ. රාජ්‍ය දෙපාර්තමේන්තු අතර ප්‍රශ්න තිබෙන්න විදියක් නැහැ. රජයක් ලෙස සියලු දෙනා එක්වී ජනතාවට සේවය කළ යුතුයි.

වැවිලි ක්ෂේත්‍රයේ දී ඇතැම් නිලධාරින් අණපනත් පලිහයක් කර ගනිමින් කටයුතු කරනවා. 80 දශකයේ මීට අදාළ පනත සකස් කරන විට මේ පිළිබඳව මා අවධානය යොමු කර තිබෙනවා.

මේ ප්‍රදේශවලින් ෆයිනස් වගාව ඉවත් කරන්න කළින් ඒ පිළිබඳ විද්‍යාත්මක වාර්තාවක් ලබාගත යුතුයි. ඉංග්‍රීසින් මේ රට පාලනය කරන සමයේ ෆයිනස් වගාව තිබියදී තේ වගා කළා. ඒ නිසා සාවද්‍ය මතවලට හසුවන්න එපා.

ෆයිනස් වගාව ඉවත් කිරිමට පෙර ඉන් ජල පෝෂක ප්‍රදේශවලට බලපෑම් සිදුවනවාද යන්න විද්‍යාත්මකව සොයා බැලිය යුතුයි.ෆයිනස් වගාව ඉවත් කර ටර්පන්ටයින් වගාවට යොමුවණේ ඇයි. ටර්පන්ටයින් වගාව මගින් ජලපෝෂක ප්‍රදේශ වලට බලපෑමක් ඇතිවෙනවා නම් එම වගාව ඉවත් කරන්න.

මෙම ප්‍රදේශයේ තිබෙන අධ්‍යාපන ගැටළු පිළිබඳ සාකච්ඡා කරන විට ගුරු හිඟය පිළිබඳව සඳහන් කෙරුණා. ගුරු පත්වීම් ගැනීමෙන් පසුව අවුරුද්දක්, දෙකක් යන විට ස්ථාන මාරු ලබා ගන්නවා. පත්වීම ලබා වසර පහක් ගතවනතුරු ගුරු ස්ථාන මාරු ලබා නොදීමට අධ්‍යාපන අමාත්‍යංශයත්, පළාත් සභාවත් එක්ව සාකච්ඡා කර තීරණයක් ගත යුතුයි.

වතු පාසල් සඳහා අලුත් ඉඩම් ලබා ගැනීම පිළිබඳ කළ යෝජනාව සලකා බලා ඒ සඳහා අවශ්‍ය කටයුතු කිරිමට පියවර ගන්නවා. ” යැයි ප්‍රකාශ කළ ජනාධිපතිවරයා රාජ්‍ය නිලධාරීන් අණපනත් පලිහක් කර ගත යුත්තේ ජනතාවට සේවය කිරීම සඳහා මිස සමාගම් වලට සේවය කිරීමට නොවන බව වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

READ:   ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දුයැවීමේ හිස් තැන් ගැන ලසිත් මාලිංග කියයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්