Thursday, April 23, 2026
Homeදේශීයරට පුරා කිරුම් මිනුම් වංචා සොයයි

රට පුරා කිරුම් මිනුම් වංචා සොයයි

වෙළෙන්ඳන් කිරිම් මිනුම් කටයුතු සඳහා භාවිත කරන බොහෝමයක් තරාදි නිසි ප්‍රමිතියෙන් තොර බව කෘෂිකර්ම වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර සිටිනවා.

බුලත්සිංහල ප්‍රදේශයේ ගොවි ජන සේවා මධ්‍යස්ථානයකින් ගොවීන් සඳහා ලබාදුන් යූරියා මල්ලක නිසි බරට යූරියා පොහොර අඩංගු නැතැයි ගොවීන් නැඟු චෝදනාවක් සැලකිල්ලට ගෙන කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.

නිසි ප්‍රමිතියෙන් තොර තරාදි සොයා කිරිම් මිනුම් දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ගොවීන්ගේ අස්වැන්න වෙළෙන්ඳන්ට ලබාදීමේදී වෙළෙන්දන් භාවිත කරන නිසි ප්‍රමිතියෙන් තොර එල්ලෙන තාරිදි මගින් ගොවි ජනතාවට ලැබීමට නියමිත ආදායමෙන් විශාල ප්‍රමාණයක් වෙළෙන්ඳන් විසින් ගසා කන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

READ:   වෛද්‍යවරුන් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්