Thursday, April 23, 2026
Homeදේශීයපූජ්‍ය සිරිධම්ම හිමියන් සහ වසන්ත මුදලීගේ ඇප මත නිදහස් කරයි (VIDEO)

පූජ්‍ය සිරිධම්ම හිමියන් සහ වසන්ත මුදලීගේ ඇප මත නිදහස් කරයි (VIDEO)

අත්අඩංගුවට ගෙන සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලීගේ සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් ශරීර ඇප මත නිදහස් කිරීමට අධිකරණය තීරණය කර තිබෙනවා.

ඒ අද (06) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මැයි මාසයේ පැවැත්වූ විරෝධතාවයක් අතරතුරදී පොලිස් නිලධාරීන්ට බාධා කිරීම, රජයේ දේපලට හානි කිරීම යන චෝදනා සම්බන්ධයෙන් පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් සහ වසන්ත මුදලීගේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන දින 89 ක කාලයක් රඳවා සිටියා.

වෙනත් නඩුවක් හේතුවෙන් වසන්ත මුදලීගේ දෙසැම්බර් 12 වනදා දක්වා රඳවා තබා ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

READ:   ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තීරණාත්මක අවසන් තරගය අද
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්