යල්පැනගිය ආර්ථික ක්‍රමවේදය වෙනුවට 2050 ට මුහුණ දිය හැකි ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
යල්පැන ගොස් ඇති ආර්ථික ක්‍රම මගින් මෙරට ආර්ථිකය ගොඩනැගීමට නොහැකි බව පවසන ජනාධිපතිවරයා පළමුවත් , දෙවනුවත්, තෙවනුවත් ආර්ථිකය ගොඩනැගීමට අවශ්‍යවන්නේ විදේශ විනිමය බව පෙන්වා දෙනවා.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම මත මෙරට ආර්ථික අර්බුදයෙන් ගොඩ ආ හැකි බව පවසන ජනාධිපතිවරයා මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ගැන ඉන්දියාව සහ චීනය සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළා.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව ඉන්දියාව සමඟ ආරම්භ කළ සාකච්ඡා සාර්ථක බවත් වීනය සමඟ සිදු කිරීමට නියමිත සාකච්ඡාවන් කොමිනිස්ට් පක්ෂ සමුළුව නිසා ප්‍රමාද වූ බවත් වැඩිදුරටත් පැවසුවා.
ලංකා වාණිජ මණ්ඩලය විසින් කොළඹ ෂැන්ග්රිලා හෝටයේදී පැවැත් වූ ” 2022 ආර්ථික සමුළුව ” අමතමින් එතුමා මේ බව ප්‍රකාශ කර සිටියා.





