Sunday, June 14, 2026
Homeක්‍රීඩාLPL ක්‍රිකට් වසන්තය අදින් ආරම්භ වෙයි

LPL ක්‍රිකට් වසන්තය අදින් ආරම්භ වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් (LPL ) තරඟාවලියේ තුන්වන අදියර අද (06) ආරම්භ වීමට නියමිතයි.

මෙහට ප්‍රවීන හා නවක ක්‍රීඩකයින්, ජාත්‍යන්තර ක්‍රීඩකයින් 30 දෙනෙක් , කණ්ඩායම් 05 ක් සමඟ , අද (06) සිට එලඹෙන 23 වෙනිදා දක්වා සති තුනකට ආසාන්න කාලයක් ලංකා ප්‍රිමියර් ලීග් කිරුළ වෙනුවෙන් මෙරට දී තරඟ වැදීමට නියමිතයි.

එක් එක් කණ්ඩායම් වල නායකත්වය දරන ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන්ගේ නම් ඊයේ LPL විධායක කමිටුව විසින් මාධ්‍ය වෙත දැනුම් දී තිබුණා.

තරඟාවලියේ පළමු තරඟය ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම අතර අද (06) හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී සවස 03.00 ට ආරම්භ වෙනවා.

LPL තරඟාවලියේ තවත් තරඟයක් කලම්බු ස්ටාර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම් අතර දිවා රාත්‍රී තරඟයක් ලෙස අද පෙ.ව 7.30 ට ආරම්හවීමට නියමිතයි.

ලංකා ප්‍රිමියර් ලීග් තරඟ කාලසටහන පහතින්,

READ:   අයර්ලන්තයට එරෙහිව විශිෂ්ට ජයක් ලැබූ ශ්‍රී ලංකාව සුපර් සික්ස් වටයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්