Friday, June 26, 2026
Homeදේශීයඋසස් පෙළින් පසු පාසැල් දරුවන්ට හමුදා පුහුණුව අනිවාර්ය කළ යුතුයි - අමාත්‍ය...

උසස් පෙළින් පසු පාසැල් දරුවන්ට හමුදා පුහුණුව අනිවාර්ය කළ යුතුයි – අමාත්‍ය ඩයනා ගමගේ

අ.පො.ස උසස් පෙළ විභාගයෙන් පසු විශ්වවිද්‍යාල ප්‍රවේශය අතර කාලය තුළ රැදී සිටින දරුවන් සඳහා හමුදා පුහුණුවක් ලබා දිය යුතු බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා.

දරුවන් තුළ වීනයක් නොමැතිව කිසිදු දෙයක් ඉගැන්වීමෙන් තේරුමක් නැති බැවින් එනිසා හමුදා පුහුණුවක් දරුවන්ට ලබා දීම අනිවාර්යය කළ යුතු බවත් එතුමිය පෙන්වා දෙනවා.

දරුවන් ආරක්ෂක අංශය යටතට පත් කර වීනය හැදීමෙන් පසු විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යෙදීවීම තුළින් විශ්වවිද්‍යාල නවකවදය වැනි සංකල්යන් ඉවත්ව යා හැකි බව එතුමිය ප්‍රකාශ කළා.

අමාත්‍යවරිය මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ මෙරට කංසා නීතිගත කිරීම පිළිබඳව පෞද්ගලික නාලිකාවක් පැවැත්වූ වැඩසටහනක් සඳහා සහභාගී වෙමිනී.

READ:   භාණ්ඩ 300ක ආනයන සීමා ඉවත් කෙරේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්