Saturday, July 25, 2026
Homeදේශීයවිදුලිය විසන්ධියට පන්සල්, විහාර විශේෂ නොවන බව බලශක්ති ඇමති කියයි

විදුලිය විසන්ධියට පන්සල්, විහාර විශේෂ නොවන බව බලශක්ති ඇමති කියයි

ආගමික සිද්ධස්ථාන වලට පමණක් නොව සියලුම ස්ථාන සඳහා විදුලි බිල වැඩිකිරීමට සිදු වූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

සෞඛ්‍ය අංශයේ කටයුතු අඩාල වන ලෙස විදුලිය විසන්ධි වීමක් කර නොමැති බව එතුමා පැවසුවේ පිළිකා රෝහලක විදුලිය විසන්ධි කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නැඟු චෝදනාවකට පිළිතුරු ලබා දෙමිනි.

එලෙස සෞඛ්‍ය අංශයට බලපාන පරිදි විදුලිය විසන්ධි වීමක් සිදු කර ඇත්නම් ඒ පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙසත් ඒ ගැන සොයා බැලිය යුතු බවත් අමාත්‍යවරයා පවසනවා.

එහෙත් පන්සල් සඳහා එවැනි විශේෂත්වයක් ලබා දී නැති බව පැවසූ අමාත්‍යවරයා මෙතෙක් වෙහෙර විහාර 134 ක් සඳහා විදුලි බිල විදුලි බල මණ්ඩලය විසින්ම ගෙවීම් සිදු කළ බව පෙන්වා දෙනවා.

පැවති සාකච්ඡාවලදී නායක හිමිවරුන් ප්‍රකාශ කර සිටියේ විදුලිය සාධාරණව සැමට ලබා දීම හෝ පොදුවේ විසන්ධි කිරීම යෝග්‍ය යන්න ප්‍රකාශ කළ බව අමාත්‍යවරයා අද (25) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

ආගමික සිද්ධස්ථාන සඳහා ඉන්දියානු සහන ආධාර යටතේ විකල්ප බලශක්ති ක්‍රමයක් වශයෙන් සූරිය පැනල ලබා දීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

READ:   ජපාන විදේශ කටයුතු ඇමති හෙට දිවයිනට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්