Saturday, April 18, 2026
Homeදේශීයඉන්දුනීසියාවේ භූ කම්පනයකින් මියගිය සංඛ්‍යාව 150 ඉක්මවයි

ඉන්දුනීසියාවේ භූ කම්පනයකින් මියගිය සංඛ්‍යාව 150 ඉක්මවයි

ඉන්දුනීසියාවේ ජාවා දූපත ආශිත සිදුවූ භූ කම්පනයකින් පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම භූ කම්පනයෙන් බරපතළ ජීවිත හා දේපල හානී සිදුවී ඇති අතර මේ වන විට පුද්ගල මරණ 162ක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. එමෙන්ම ඒ අතර තුවාල කරුවන් 13,000ක් පමණ වන බවයි වැඩිදුරටත් විදෙස් මාධ්‍ය පවසන්නේ.

වාර්තා වන මරණ සහ තුවාල කරුවන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි ඉන්දුනීසියානූ මාධ්‍ය පවසන්නේ. වියෑන්පූර් ප්‍රදේශයේ හටගෙන ඇති මෙම භූ කම්පනය රික්ටර් මාපක අගය ඒකක 5.6 ක් ලෙස සටහන් වී තිබුණා.

සිදුව ඇති පුද්ගල හා දේපළ හානිය මෙතෙක් ගණන් බලා නෑ.

READ:   6 හැවිරිදි දරුවෙක් පියාගේ මිතුරන් විසින් අපයෝජනය කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්