Thursday, October 29, 2026
Homeදේශීයප්‍රදේශ කිහිපයකට වැසි සමඟ තද සුළං

ප්‍රදේශ කිහිපයකට වැසි සමඟ තද සුළං

නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතවයාපනයට කිලෝමීටර් 540ක් පමණ ඊසාන දෙසින් 11.4N අක්ෂාංශ සහ දේශාංශ 84.6E හි කේන්ද්‍රගතව පැවතිපීඩන අවපාතය, ක්‍රමයෙන් දුර්වල වෙමින් වයඹ දෙසට ගමන් කරනු ඇත.මෙම පද්ධතිය ඉදිරි පැය 24 තුලදී, තමිල්නාඩු-පුදුචෙරි වෙරළ වෙත ලඟා වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලවිටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි අතර බස්නාහිර සහ දකුණු වෙරලබඩ ප්‍රදේශවලත් උතුරු පළාතේත් වැසි ස්වල්පයක් ඇති විය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

READ:   නව වසරේ පළමු පාර්ලිමේන්තුව අද රැස්වෙයි: කෙටුම්පත් 9ක් පාර්ලිමේන්තුවට. ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතත් ඒ අතර?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්