Friday, June 5, 2026
Homeදේශීයකොවිඩ් නිසා ප්‍රමාද වූ විභායන් නියමිත කාලයට පැවැත්වීමට පියවර

කොවිඩ් නිසා ප්‍රමාද වූ විභායන් නියමිත කාලයට පැවැත්වීමට පියවර

කොවිඩි වසංගත තත්වය නිසා ප්‍රමාද වූ උසස් පෙළ සහ සමාන්‍ය පෙළ විභාගයන් යළි නිසි කාලයට පවත්වාගෙන යන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි උසස් පෙළ විභාගය ජනවාරි 17 දක්වාත් 5 වසර ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 18 දක්වාත් කල් දැමීමට සිදු වු බව පැවසූ අමාත්‍යවරයා ඒ හේතුවෙන් අප්‍රේල් පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය ද තවත් කාලයකින් ප්‍රමාද විය හැකි බව පැවසුවා.

කොවිඩ් වසන්ගතය නිසා ප්‍රමාදව පවත්වා ගෙන එන උසස් පෙළ හා සමාන්‍ය පෙළ විභාගයන් ක්‍රමානුකූලව නියමිත කාලයට ගෙන ඒමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

නත්තල් නිවාඩු කාලසීමාව හැර අනෙකුත් සෑම දිනකම පාසැල් පවත්වා, පාසැල් ඉගැනීම් කාල ඡේදයන් අඩු නොකර මඟහැරුණු අධ්‍යයන කටයුතු යළි සාමාන්‍ය තත්වයට පත්කර ගැනීමට අපේක්ෂා කරන බව එතුමා පැවසුවා.

READ:   හදා ගන්න බැරි දරු පැටව් භාරදීමට පළාත් මට්ටමින් කවුළු
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්