Sunday, June 14, 2026
Homeක්‍රීඩාපාපන්දු කුසලානයේ පළමු ජය ඉක්වදෝරයට

පාපන්දු කුසලානයේ පළමු ජය ඉක්වදෝරයට

ලොව පාපන්දු වසන්තය ආරම්භ කරමින් 2022 මෙවර පාපන්දු ලෝක කුසලානයේ පළමු තරඟය සත්කාරක කටාරය සහ ඉක්වදෝරය අතර ඊයේ (20) පැවැත්වුණා.

මෙම තරඟයෙන් කාටාර් රාජ්‍ය 2-0ක් ලෙස පාරජය කරමින් පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ඉක්වදෝරය සමත් වුණා.

තරඟයේ තුන් වන මිනිත්තුවේදී ඉක්වදෝරය වාර්තා කළ ගෝලයක් නිවැරදි ලකුණක් නොවන බැවින් කපාහැරීමට විනිසුරුවරයා තීරණය කළා. ඒ අනුව පළමු ගෝලය තරඟයේ 16 වන මිනිත්තුවේදී වාර්තා කිරීමට ඉක්වදෝරය සමත්වුණා.

ඔවුන් සිය දෙවන ගෝලය තරඟයේ 31 වන මිනිත්තුවේදී ලබාගත්තා.

ඒ අනුව සත්කාරක කටාර් රාජ්‍යය ගෝල 2ට – 0ක් ලෙස පරාජයට පත් කිරීමට ඉක්වදෝරය සමත්වුණා.

READ:   බෝධිසත්වයා කියපු මහින්ද යද්දී ධාතුසේන රජ්ජුරුවෝ කලා වැව ලඟට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්