රෝගීන් සම්බන්ධයෙන් අතිවිශාලව පවතින ඖෂධ, උපකරණ සහ තොරතුරු පරිගණක පද්ධතියකින් තොරව නියාමනය කර ගත නොහැකි බව වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.
කොළඹ විශ්ව විද්‍යාලයේ සහය ඇතිව තොරතුරු තාක්ෂණය පිළිබඳව දැනුම ඇති වෛද්‍යවරුන් විසින් නියමු ව්‍යාපෘතියක් වශයෙන් දැනට රෝහල් වල භාවිතා කරන පරිගණක පද්ධතිය සකස් කර ගැනීමට මහනුවර ඇතුළු ඇතැම් රෝහල් වල කටයුතු ආරම්භ කර ඇති බව වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.
සෞඛ්‍ය තොරතුරු කළමණාකරණය කර ගැනීම සඳහා මෙතෙත් භාවිත කළ පරිගණක පද්ධතිය වැඩි දියුණු කර නිසි පරිදි සකස් කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන්ගේ සහය ලබා දිය යුතු බව වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.
රෝහල් සහ සෞඛ්‍ය පද්ධතියට බලපාන සෞඛ්‍ය තොරතුරු නියාමනය වැනි සංකීර්ණ කටයුත්තක් සියලු දෙනාගේ සහයෝගයෙන් තොරව සාර්ථක කර ගත නොහැකි බවයි සංගමය පෙන්වා දෙන්නේ.
රෝහල් වල ඖෂධ සම්බන්ධයෙන් බරපතළ තත්වයක් නිර්මාණය වී ඇති බවත් රෝහල් තුළ පවතින ගැටළු මඟහරවා ගැනීම සඳහා වෛද්‍ය සංගමය විසින් ඉදිරිපත් කර ඇති දස වැදෑරුම් වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම වැදගත් බවත් වෛද්‍යවරුන්ගේ සංගමය මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියා.



