Friday, August 14, 2026
Homeදේශීයතවදුරටත් වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

තවදුරටත් වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

දිවයිනට ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය වයඹ දෙසට බරව ගමන් කර ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ක්‍රමයෙන් තමිල්නාඩු ප්‍රදේශය දක්වා ගමන් කිරීමේ හැකියාව පවතින බවත් ඒ හේතුවෙන් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී 100 වැඩි තද වැසි ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී 50 වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැකියි.

උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

READ:   අවුරුදු 05ට අඩු දරුවන් 12,000කට මන්දපෝෂණය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්