Friday, April 17, 2026
Homeදේශීයවසර 105ක් වයසැති ඉන්දියාවේ පළමු ඡන්දදායකයා, මියයයි

වසර 105ක් වයසැති ඉන්දියාවේ පළමු ඡන්දදායකයා, මියයයි

ශ්‍රී ලංකාවේ අසල්වැසි ඉන්දියාව බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා ස්වාධීන රාජ්‍යක් බවට පත්වීමෙන් අනතුරුව සර්වජන ඡන්ද බලය භාවිත කළ ඉන්දියාවේ පළමු ඡන්දදායකයා ලෙස සැලකෙන ‘ ශ්‍යාම් සරන් නෙගී’ අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙනවා.

1951 වර්ෂයේ දී ශ්‍යාම් සරන් හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ 1952 මහ මැතිවරණය වෙනුවෙන් කල්තියා නිදහස් ඉන්දියාවේ පළමු ඡන්දය සනිටුහන් කර තිබුණා. එම මැතිවරණයෙන් ඉන්දීය කොංග්‍රස් පක්ෂයට විශිෂ්ට ජයක් හිමි වී ජවහර්ලාල් නේරු නිදහස් ඉන්දියාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ලෙස පත්විය.

වෘත්තීයෙන් ගුරුවරයෙකු වන ශ්‍යාම් සරන් එතැන් පටන් ඉන්දියාවේ සෑම මැතිවරණයකදීම සිය ඡන්දය භාවිත කර ඇති බව සැලකෙන අතර ගෙවුණු සෙනසුරාදා ඔහු මියයෑමට දින තුනකට පෙරදී හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණය සඳහා සිය ඡන්දය භාවිත කර තිබුණා.

READ:   රිජ්වේ ආර්යා ළමා රෝහල අද වර්ජනයක
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්