Sunday, July 19, 2026
Homeදේශීයධනුෂ්ක ගුණතිලකට ඇප අහිමිවෙයි

ධනුෂ්ක ගුණතිලකට ඇප අහිමිවෙයි

29 හැවිරිදි තරුණියකට ලිංගික අතවර කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගෙන සිටින ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවට ගොස් සිටියදී ගෙවුණු 06 වනදා රාත්‍රියේදී ධනුෂ්ක ගුණතිලක එරට පොලිසිය විසින් විශේෂ පරික්ෂණයකින් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ අනුව තවදුරටත් ධනුෂ්ක ගුණතිලකට එරට අත්අඩංගුවේ සිටීමට සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

READ:   උදයංග වීරතුංග CID යට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්