Saturday, September 12, 2026
Homeදේශීයඩෙංගු බරපතළව හිස ඔසවයි

ඩෙංගු බරපතළව හිස ඔසවයි

ඩෙංගු රෝගය නැවතත් බරපතළ ලෙස හිස ඔසවමින් පවතින බව වෛද්‍යවරුන් පවසනවා. ගෙවුණු 2021 වසරට සාපේක්ෂව මෙම වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවීම 40,000 කින් වැඩිවී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම රට තුළ ඩෙංගු අධි අවධානම් කලාප ලෙස සෞඛ්‍ය බල ප්‍රදේශ 25 ක් හඳුනාගෙන ඇති අතර එම අධි අවධානම් බලප්‍රදේශ අතරට පිළියන්දල, හාරිස්පත්තුව, උකුවෙල, බදුල්ල , කෑගල්ල, මාවනැල්ල යන ප්‍රදේශ අලුතින් එක්ව තිබෙනවා.

මෙතෙක් වාර්තා වූ ඩෙංගු රෝගීන්ගෙන් 43.1 % ක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බව වාර්තා වෙනවා.

රට තුළ අත්‍යවශ්‍ය ඖෂධ හා උපකරණ රාශියක හිගයක් පවතින අවස්ථායක ඩෙංගු අවදානම මෙලෙස ඉහළ යෑම බරපතළ තත්වයක් බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

READ:   තම නීතිඥභාවයට වෙච්ච දේ ගැන නාගානන්ද කට අරී
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්