Sunday, June 14, 2026
Homeදේශීයවැසි සහිත කාලගුණය තවදුරටත්

වැසි සහිත කාලගුණය තවදුරටත්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඇතැම් ස්ථානවලට මි.මී 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි අතර නැගෙනහිර පළාතේ උදෑසන කාලයේදී වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවයි දෙපාර්තමේන්තුව පවසන්නේ.

මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

READ:   උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයන් කල් යයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්