Friday, April 17, 2026
Homeදේශීයශ්‍රවණාබාධිත පුද්ගලයන් හට රියදුරු බලපත්‍ර ලබාදීම සඳහා වෛද්‍ය පරීක්ෂණ ආරම්භ කරයි

ශ්‍රවණාබාධිත පුද්ගලයන් හට රියදුරු බලපත්‍ර ලබාදීම සඳහා වෛද්‍ය පරීක්ෂණ ආරම්භ කරයි

ශ්‍රවණාබාධිත පුද්ගලයන් සඳහා වලංගු රියදුරු බලපත්‍රයක් ලබාදීම අරමුණු කරගනිමින් ආරම්භ කළ ව්‍යපෘතියකට අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ තෝරාගත් පුද්ගලයින් 90 දෙනෙකු සඳහා රියදුරු බලපත්‍රය ලබාදීමට අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණයන් පවත්වා තිබෙනවා.

ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනයේ නියෝජිතයන් විසින් දසක තුනකට ආසන්න කාලයක සිට කළ ඉල්ලීමකට අනුව මෙම අවස්ථාව ඔවුන්ට ලබා දී ඇති අතර එළඹෙන නොවැම්බර් 08 වනදා රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා අවශ්‍යකරන ලිඛිත පරීක්ෂණය ඔවුන් සඳහා පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා.

READ:   අස්වැසුම දීමනාව ගැන තීරණයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්