Monday, September 14, 2026
Homeදේශීයහිඟ ජල බිල්පත් ඇති පාසැල් වල ජල සැපයුම අත්හිටුවන් නෑ - අධ්‍යාපන...

හිඟ ජල බිල්පත් ඇති පාසැල් වල ජල සැපයුම අත්හිටුවන් නෑ – අධ්‍යාපන ඇමති

ජල බිල්පත් ගෙවීම් සිදුකර නොමැති පාසැල්වල ජල සැපයුම් අත්හිටුවීමට කටයුතු නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. එතුමා මේ බව ප්‍රකාශ කර සිටියේ ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකට සම්බන්ධ වෙමින්.

ඒ අනුව ජල බිල්පත් ගෙවීම් සිදුකර නොමැති පාසැල් සඳහා ජල සැපයුම අත්හිටුවීමට ගෙන ඇති තීරණය නතර කර ඇති අතර ජල බිල්පත් නොගෙවා ඇති පාසැල් වල ජල බිල්පත් ගෙවීම සඳහා වැඩපිළිවෙළක් ඉදිරියේදි සකසන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

READ:   වෛද්‍යවරුන්ගේ අඛණ්ඩ වැඩවර්ජනයක් ලඟදීම
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්