අත්තනෝමතික බදු ප්‍රතිපත්තිය ඇතුළු කාරණාවන් කිහිපයකට විරෝධය දක්වමින් එළඹෙන 13 වන දා සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
බස්නාහිර , දකුණ, මධ්‍යම සහ නැගෙනහිර යන පළාත්වල සියලු රෝහල්වල එළඹෙන සඳුදා (13) උදෑසන 8.00 සිට වැඩවර්ජනය ආරම්භ කරන බව එම සංගමය ප්‍රකාශ කළා.
නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීය සමිති විසින් දීපව්‍යාප්තව ආරම්භ කළ වැඩවර්ජන මාළාවට සහය දක්වමින් එළඹෙන 13 වනදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද වැඩවර්ජනයක් පවත්වන බව ඔවුන් මීට පෙර පවසා තිබුණා.
අඟහරුවාදා දිනයේ (14) අනෙකුත් පළාත්වල රෝහල්වල වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවත් විසඳුමක් නොලැබුනොත් බදාදා (15) සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට ප්‍රවිෂ්ට වන බවත් එම සංගමය වැඩිදුරටත් පවසා තිබෙනවා.


