2022 කාන්තා ආසියානු කුසලානය 7වන වරටත් දිනාගැනීමට ඉන්දියාව අද (15) සමත් වුණා. ඒ අවසන් මහ තරඟයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු අටකින් පරාජයට පත්කරමින්.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවට පහරදීමේදී රැස්කරගැනීමට හැකිවූයේ කඩුලු 09ක් දැවි ලකුණු 65ක් පමණයි.
පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉනෝකා රණවීර ලකුණු 18, ඕෂධී රණසිංහ ලකුණු 13ක් රැස් කළා.
ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවීමේදී රේණුකා සිංග් කඩුලු 03ක් සහ රාජේශ්වරි කඩුලු 02ක් වශයෙන් ලබාගත්තා.
ලකුණු 66ක පහසු ඉලක්කයක් හබාගිය ඉන්දියානු කාන්තා කණ්ඩායම 9වන පන්දුවාරයේදී සිය ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.
ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් ස්ම්රිති මන්දනා වේගවත් ලකුණු 51 පන්දු 25ක් තුළදී ලබා ගැනීමට සමත් වුණා. ඒ 06 පහර 03ක් සහ 04 පහර 06ක් ද එල්ල කරමින්,
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉනෝකා රණවීර සහ කවීෂා දිල්හාරි එක් කඩුල්ල බැගින් ලබා ගත්තා.
ඒ අනුව 2022 විස්සයි විස්ස ආසියානු කාන්තා කුසලනය දිනා ගැනීමට ඉන්දියාව සමත් වුණා.



