Saturday, April 18, 2026
Homeදේශීයදකුණු සූඩානයට සතුට තිළිණ කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

දකුණු සූඩානයට සතුට තිළිණ කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ලෝක ළමා දිනයට සමඟාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දිවයින පුරා විවිධ ස්ථානවලදී ලෝක ළමා දින සැමරුම් සංවිධාන කර තිබූ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක මෙහෙයුම්වල නිරතව සිටින යුද්ධ හමුදා භට පිරිස් විසින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ උපදෙස් මත දකුණු සුඩානයේ දීද ලෝක ළමා දින සැමරුම් උත්සවයක් පවත්වන ලදී.

දකුණු සුඩානයේ බෝර් හි ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් විසින් පවත්වාගෙන යනු ලබන දෙවැනි මට්ටමේ රෝහලේ සේවය කරනු ලබන යුද්ධ හමුදා භට පිරිස් විසින් මෙම සැමරුම් වැඩසටහන සංවිධානය කර තිබුණි. දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාමසාධකාරි සඳහා යොදවා සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වෛද්‍ය බලකායේ අටවන භට ඛණ්ඩය මේවන විට එහි රාජකාරි ඉටු කරති.

මෙම විශේෂ ළමා දින වැඩසටහනේදී අවතැන් කඳවුරුවල රැඳී සිටින ළමුන්ට ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය,  ඇතුළු පාසැල් උපකරණ ලබා දෙන ලදී.

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි යටතේ දකුණු සුඩානයේ සාම සාධක මෙහෙයුමේ සිවිල් – හමුදා සම්බන්ධීකරණ අංශයේ සහයෝගය ඇතිව බෝර් හි පිහිටි දෙවැනි මට්ටමේ රෝහලේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් එම් එම් නිෆ්ලාර් විසින් මෙම වැඩසටහන සංවිධාන කර තිබුණි.

(දිලංක ගුණතිලක)

උපුටා ගැනීම දිනමිණ පුවත්පත

READ:   අවුරුද්දෙන් පස්සේ පොහොට්ටුවට අලුත් නායකයෙක් (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්