Saturday, April 25, 2026
Homeදේශීයදිවයින පුරා මි.මි. 100ට වැඩි තද වැසි ඇතිවීමේ අවධානමක් - කාලගුණ විද්‍යා...

දිවයින පුරා මි.මි. 100ට වැඩි තද වැසි ඇතිවීමේ අවධානමක් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (VIDEO)

දිවයින ආශ්‍රිතව පහළ වායූ ගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය තවදුරටත් පවතින බැවින් බොහෝ ප්‍රදේශ වල අද අහස වළාකුලින් බරව පවතින බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පාලත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මි 100ක පමණ තද වැසි තත්වයක් ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවල මි.මි 75ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවෙන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

READ:   ගුවන් හමුදාව ගිනි නිවීමේ අභ්‍යාසයක (PHOTO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්